Cyber Typing මගින් මුදල් උපයන ආකාරය ගැන සම්පූර්ණ විස්තර අන්තර්ගත වෙයි


Cyber Typing හි සෑම දින 2 කට වතාවක් Typing Round එකක් ආරම්භ වෙයි


සෑම Typing Round එකකදීම අප විසින් ලබාදෙන යම් මාතෘකාවක් සඳහා පරිශීලකයින්ට ලිපි සැකසීමට අවස්ථාව ලබාදෙයි


එසේ ඔබට අදාල මාතෘකාවට ලිපියක් සැකසීමට ලබාදෙන අවස්ථාව Project එකක් ලෙස සලකනු ලබයි


එනම් අප විසින් සෑම දින දෙකකටම වතාවක් Projects ලබාදෙයි


Cyber Typing හි මුදල් ඉපැයීම සඳහා ප්‍රථමයෙන්ම Typing Round එකක් ආරම්භ වන තෙක් ඔබ බලාසිටිය යුතුය


සෑම Typing Round එකක්ම ආරම්භ වීමෙදී ඒ ගැන දන්වා Cyber Typing Telegram Channel එකේ පණිවිඩයක් පලකරයි

එසේ Typing Round එකක් ආරම්භ වන පණිවිඩය සමග එයට අදාල Project ප්‍රමානයද ඔබට දැකගැනීමට හැකිය


වැදගත් - එක් මාතෘකාවක් සඳහා Projects 10 ත් Projects 300 ත් අතර ප්‍රමානයක් ලැබෙ


සෑම Project එකක් සඳහාම Project Number එකක්, මාතෘකාවක් ( Title ), Earnings සහ Condition යන විස්තර 4 ක් පැහැදිලිව ඇත


මාතෘකාව හෙවත් Title යන්නෙන් අදහස් වන්නේ එම Project එක සඳහා ඔබ Type කර ලබාදිය යුතු ලිපිය සකසන මාතෘකාවයි


Earnings යන්නෙන් දක්වන්නේ අදාල Project එක සම්පූර්ණ කිරීමෙන් ඔබට ඉපැයිය හැකි සම්පූර්ණ මුදලයි


Condition යන ස්ථානය සඳහා Paid Out හෝ Processing යන දෙකෙන් එකක් පැවතිය හැකිය


Paid Out යන්නෙන් අදහස් වන්නේ යම් අයෙක් එම Project එක සාර්ථකව සිදුකර අපවෙත බාරදී ඇති බැවින් එම Project එක සඳහා නැවත ලිපි බාරනොගන්නා බවයි


Processing යන්නෙන් අදහස් වන්නේ අදාල Project එක සඳහා දැනට කිසිවෙක්ගේ ලිපියක් අප විසින් බාරගෙන නොමැති බවයි


එලෙස Typing Round එක ආරම්භයේදී ඔබට ලබාදෙන පණිවිඩය සමග ඔබට ලැබෙන Projects අතරින් Condition එක සඳහා Processing ලෙස ඇති Project එකක් සඳහා අදාල මාතෘකාවට ඔබ සැකසූ ලිපිය බාරදී අදාල Project එක සඳහා වන මුදල ( Earnings ) ලබාගත හැකිය


එක් Cyber World Account එකක් සඳහා එක් Typing Round එකක් තුල එක් Project එකක් සඳහා පමණක් ලිපි බාරදිය හැකිය


ඔබගේ ලිපිය සැකසීමේදී වැදගත් වන කරුණු සහ යම් Project එකක් සඳහා ඔබ සැකසූ ලිපිය බාරදෙන ආකාරය ගැන සම්පූර්ණ විස්තර Submit Project යන අංශයේ පවතියි


එලෙස යම් Project එකක් සඳහා නිවැරදිව සැකසූ ඔබගේ ලිපිය බාරදුන් පසු අදාල Project එක සඳහා සිදුකරන ගෙවීමට අදාල මුදල එවෙලේම ඔබගේ Cyber Pay ගිණුමට අප විසින් බැරකරනු ලබයි